2023 වසරේ ඇමරිකාවේ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳ වාර්තාව නිකුත් කෙරේ
2024-05-29 11:16:16
Share with:

චීනය 2023 වසරේ ඇමරිකාවේ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳ වාර්තාව නිකුත් කරයි. 

චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද (29) එම වාර්තාව නිකුත් කරමින් ඇමරිකාවේ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳ සත්‍යය කරුණු හෙළි කර ඇත. 

එම වාර්තාවට අනුව, ඉකුත් 2023 වසරේ ඇමරිකාවේ මානව හිමිකම් කඩවීමේ තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇත. ඇමරිකාව වර්ගවාදය ගැඹුරින් මුල් බැස ඇති අතර වාර්ගික වෙනස් කොට සැලකීම ඉතා බරපතල ව පවතී. ඇමරිකානු කාන්තා හා ළමා අයිතිවාසිකම් දිගුකාලීනව පද්ධතිමය උල්ලංඝනයකට ලක්ව ඇති අතර වසරක‍ට කාන්තාවන් 54000ක පමණ පිරිසක‍ට ගර්භණීභාවය හේතුවෙන් රැකියා අහිමි වන බව අදාළ වාර්තාවෙන් හෙළි කර ඇත. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ ප්‍රවණතාව යොවුන් පරපුර අතර පැතිරයමින් පවතී. දිගුකාලීනව අධිපතිවාදය අනුගමනය කරන ඇමරිකාව බලහත්කාරී දේශපාලනය ක්‍රියාත්මක කරමින් අයුතු ලෙස බලය හා එක්පාර්ශ්වික සම්බාධක භාවිත කරන බව එම වාර්තාව සඳහන් කරයි.  

එවැනි මානව හිමිකම් ගැටලු හේතුවෙන් ඇමරිකාව තුළ මානව හිමිකම් සැබවින්ම සුළු පිරිසට හිමි වරප්‍රසාදයක් බවට පත්ව ඇති බව එම වාර්තාව විශ්වාස කරයි. එය ලෝක මානව හිමිකම් මෙහෙයුම විධිමත් සංවර්ධනයට ද දැඩි අභියෝග හා බාධා එල්ල කරන බවද  එම වාර්තාව සඳහන් කරයි.  

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම