වසර 24 කට පසුව ප්‍රංශ ජනාධිපතිවරයෙක් ජර්මනියේ නිල සංචාරයක
2024-05-29 10:01:02
Share with:

ප්‍රංශ‍ ජනාධිපති Emmanuel Macron මහතා ජර්මන් අගමැති Olaf Scholz මහතා හමු වෙයි. එම හමුව ඊයේ (28) ජර්මනියේ බර්ලින් අගනුවරදී සිදුවිය.

පසුගිය 26 වැනිදා සිට 28 වැනිදා දක්වා ප්‍රංශ‍ ජනාධිපති Emmanuel Macron මහතා ජර්මනියේ නිල සංචාරයක නිරත විය. වසර 24 කට පසුව ප්‍රංශ ජනාධිපතිවරයෙක් ජර්මනියේ නිල සංචාරයක් සිදු කළ පළමු අවස්ථාව  මෙයයි.

එම සංචාරය අතරතුර, තාක්ෂණ ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගිතා පුළුල් කිරීම සඳහා දෙරට අදාළ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීය. එසේ ම, අමාත්‍ය මට්ටමේ සාකච්ඡා ද පැවැත්විණ. යුරෝපා සංගමයේ ආර්ථික සංවර්ධනය වැඩිදියුණු කිරීම, තරඟකාරීත්වය ශක්තිමත් කිරීම, හමුදා පහසුකම් වැඩි කිරීම සහ ආරක්ෂාව සහතික කිරීම ඇතුළු කරුණු කෙරෙහි එම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරිණ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම