චීන මහජන සමූහාණ්ඩුව හා ඉක්ව‍දෝර් ගිනියා ජනරජයෙන් ඒකාබද්ධ නිවේදනයක්
2024-05-29 09:52:04
Share with:

චීන මහජන සමූහාණ්ඩුව හා ඉක්ව‍දෝර් ගිනියා ජනරජය අතර අංගසම්පූර්ණ උපායමාර්ගික සහයෝගතා හවුල්කාරිත්වය ගොඩනැගීම පිළිබඳ ඒකාබද්ධ නිවේදනය නිකුත් කෙරේ. 

  චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනාවට අනුව ඉක්වදෝර් ගිනියා ජනාධිපති  Teodoro Obiang Nguema Mbasogo මහතා මැයි 27වැනිදා සිට 31වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත විය. එම සංචාරය තුළදී නායක දෙපළ ද්විපාර්ශ්වීය සම්බන්ධතාවය, චීන අප්‍රිකානු සම්බන්ධතාවය හා පොදු සැලකිල්ලට ලක් ජාත්‍යන්තර හා කලාපීය ගැටළු පිළිබඳව ගැඹුරින් අදහස් හුවමාරු කර ගෙන එකඟතා රැසකට එළඹුණහ. දෙරටේ සම්බන්ධතාවය, අංගසම්පූර්ණ උපායමාර්ගික සහයෝගතා හවුල්කාරිත්වයක් බවට නංවාලීමට එහිදී තීරණය කෙරිණ.

අදාල නිවේදනයෙන්, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීන ජනතාව චීන මාදිලියේ නවීකරණ‍ය තුළින් රට බලවත් කිරීමේ ක්‍රියාමාර්ගය ඉක්වදෝර් ගිනියාවේ ඉහල පැසසුමට ලක්කර ඇත.

Teodoro Obiang Nguema Mbasogo ජනාධිපතිවරයා හා එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය රට පාලනය කිරීම සඳහා ගන්නා උත්සාහයන්ට චීනයේ සහාය හිමි වේ. Teodoro Obiang Nguema Mbasogo ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ  එරටේ ‘2035 ඉදිරිදැක්ම’ නියමිත වශයෙන් සාක්ෂාත් කර ගෙන රටේ සංවර්ධනය නව ජයග්‍රහණ දිනා ගනු ඇතැයි චීනය විශ්වාස කරයි.

එකම චීනය මූලධර්මය අනුගමනය කරන බව එම නිවේදනයෙන් ඉක්වදෝර් ගිනියාව යළි අවධාරණය කර ඇත. ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පොදුවේ සංවර්ධනය කිරීම පිළිබඳ මුලපිරුමට ඉක්වදෝර් ගිනියාව ස්ථිරව අනුබල දෙමින් ඊට සක්‍රීය ප්‍රතිචාර දක්වන බව ද ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ.

චීන අප්‍රිකා සහයෝගතා සංසදය ස්ථාපිත වී ගතවූ වසර 24ක් තුළ දෙපාර්ශ්වයේ උසස් මට්ටමේ සහයෝගතා සඳහා ඉටුකෙරුණු වැදගත්  කාර්යභාරය චීනයේ හා ඉක්වදෝර් ගිනියාවේ ඉහල ඇගයීමට ලක් වේ. එම සංසදයේ මීළඟ ප්‍රධානීන්ගේ සමුළුව මගින් චීන අප්‍රිකා සමගි සහයෝගතාවේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට ප්‍රවේශයක් සලසා දිය හැකි යැයි දෙරට අපේක්ෂා පළ කරයි.

එම නිවේදනය මැයි 28වනදා චීනය හා ඉක්වදෝර් ගිනියාව විසින් බෙයිජිංහිදී පොදුවේ නිකුත් කරන ලදි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම