චීන-ඊජිප්තු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්
2024-05-29 17:00:31
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(29) සවස බෙයිජිං මහජන මහා ශාලාවේදී, ඊජිප්තු ජනාධිපති Abdul Fatah Al-Sisi මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීය. චීන-අරාබි රාජ්‍ය සහයෝගිතා සංසදයේ 10 වැනි අමාත්‍ය සමුළුවේ සමාරම්භක උත්සවයට එක් වීම සඳහා මෙන්ම, චීනයේ නිල සංචාරයක් සඳහා, Abdul Fatah Al-Sisi මහතා චීනයට පැමිණ සිටී.

ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ, මීට වසර 68 කට පෙර, චීන මහජන සමූහාණ්ඩුව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කළ පළමු අරාබි සහ අප්‍රිකානු රට ඊජිප්තුව වන බවයි. මෙම වසර චීනය සහ ඊජිප්තුව අතර පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය පිහිටුවීමේ 10 වැනි සංවත්සරයයි. අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව ශක්තිමත් කිරීමට, සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට සහ නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-ඊජිප්තු ප්‍රජාවක් ගොඩනැගීමට, චීනය ඊජිප්තුව සමග, කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව, හෙතෙම පැවසීය.

ජාත්‍යන්තර හා කලාපීය කටයුතුවලදී වැඩි කාර්යභාරයක් ඉටු කිරීම සඳහා චීනය ඊජිප්තුවට සහාය දක්වන බව, ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේ ය. මෙම වසර චීන-අරාබි රාජ්‍ය සහයෝගීතා සංසදය පිහිටුවීමේ 20 වැනි සංවත්සරයයි. චීන-අරාබි සබඳතා වර්ධනයට නව ජවයක් අඛණ්ඩව ලබා දීම සඳහා මෙන්ම, පොදු ඉරණමක් සහිත චීන-අරාබි ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා, ඊජිප්තුව ඇතුළු ඒ ඒ පාර්ශ්ව සමග සමීපව සන්නිවේදන හා සහයෝගිතා පැවැත්වීමට චීනය කැමැත්තෙන් සිටී. එසේම චීන-අප්‍රිකා මිත්‍ර සහයෝගීතාවයේ ජීවගුණය ඉදිරියට ගෙන යාමට සහ පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකා ප්‍රජාවක් ඒකාබද්ධව ගොඩනැගීමට, ඊජිප්තුව ඇතුළු චීන-අප්‍රිකා සහයෝගීතා සංසදයේ අප්‍රිකානු සාමාජිකයින් සමග කටයුතු කිරීමට, චීනය කැමැත්තෙන් සිටින බව, ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ ය.

චීනයේ නිල සංචාරයක නිරත වීමටත්, චීන-අරාබි රාජ්‍ය සහයෝගිතා සංසදයේ 10 වැනි අමාත්‍ය සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගි වීමටත් හැකි වීම පිළිබඳවත් තමා ඉතා සතුටු වන බව, Abdul Fatah Al-Sisi මහතා ප්‍රකාශ කළේය. ඊජිප්තුව එකම චීනය යන මූලධර්මයට අනුගත වෙයි. තායිවානය, හොංකොං, ටිබෙටය සහ මානව හිමිකම් වැනි මූලික අවශ්‍යතා පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන්, චීනයේ ස්ථාවරයට ඊජිප්තුව සිය උපරිම සහාය ලබා දෙයි. එසේම පරිපූර්ණ එක්සත්භාවයක් සාක්ෂාත් කර ගැනීම සඳහා ඊජිප්තුව චීනයට දැඩි ලෙස සහාය දක්වන බව, හෙතෙම සඳහන් කළේ ය.

ෂී ජින් පිං මහතා යෝජනා කරන ලද ගෝලීය මුලපිරීම් මාලාව ඊජිප්තුව අගය කරයි. සමස්ත මානව වර්ගයාගේ සාමයට සහ ප්‍රගතියට ධනාත්මක දායකත්වයක් ලබා දීම සඳහා, චීනය සමග බහුපාර්ශ්වික සහයෝගීතා ශක්තිමත් කිරීමට, ඊජිප්තුව කැමැත්තෙන් සිටින බව ද Abdul Fatah Al-Sisi මහතා එහිදී කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම