චීන ජනාධිපතිවරයා සිදුකළ යුරෝපා සංචාරය ගෝලීය ආයෝජකයන්ට ලබාදුන් ධනාත්මක පණිවිඩයක්
2024-05-29 09:05:58
Share with:

වත්මන් ලෝකයේ ශක්තිමත් පාර්ශ්ව දෙකක් වශයෙන්, චීන-යුරෝපා සම්බන්ධතාව ලෝක සාමය හා ස්ථාවරත්වයට ඉතා වැදගත් බව විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය චන්දන කුමාර මහතා පවසයි. එම සමබන්ධතාව තවත් වර්ධනය කිරීමේ වැදගත් ඉසව්වක් ලෙසට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පසුගියදා සිදු කළ යුරෝපා සංචාරය හැඳින්විය හැකිය. විශේෂයෙන් එම සංචාරයේ පළමු ගමනාන්තය වූ ප්‍රංශය ඉතා වැදගත් ගමනාන්තයකි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටවල් දෙකක් වශයෙන් චීනය හා ප්‍රංශයට ලෝක භූමිකාව තුළ ඉටු කළ හැකි ‍කාර්යයන් තීරණාත්මක බවද චන්දන කුමාර මහතා පෙන්වා‍ දෙයි. වත්මන් අවිනිශ්චිත ලෝක පරිසරය තුළ එවැනි දායකත්වයන් ඉතා වැදගත් බවද හෙතෙම කියා සිටී. ලෝක ආර්ථීකය පශ්චාත් කොරොනා සමයේ අපේක්ෂිත උත්තේජනය ලබා ගැනීමට තවමත් අපොහොසත් වී ඇත. එවැනි පසුබිමක් තුළ චීන ජනාධිපතිවරයා සිදු කළ යුරෝපා සංචාරය ගෝලීය ආයෝජකයන්ට යම් ධනාත්මක පණිවිඩයක් ලබාදුන් බවට තමන් විශ්වාස කරන්නේ යැයි ද හෙතෙම කියා සිටී. චීනය හා යුරෝපය යන දැවැන්ත ආර්ථිකයන් අතර  සුමට සබඳතාවක් එම විශ්වාසයන්ට ඉහළ උත්තේජනයක් ගෙන දෙන බවද චන්දන කුමාර මහතා සඳහන් කරයි. සමස්තයක් වශයෙන් චීන ජනාධිපතිවරයා සිදුකළ මෙම සංචාරය ගෝලීය ආර්ථීකයට ලබා දුන් පුළුල් විශ්වාසයක් ලෙසට හැඳින්වීම වඩාත් කාලෝචිත යැයි තමන්  සිතන බවද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම