ලොව විශාලතම වෛද්‍ය සේවා සහ ආරක්ෂණ පද්ධතිය චීනයේ ස්ථාපිතයි
2024-05-29 10:25:04
Share with:

චීනය ලොව විශාලතම වෛද්‍ය සේවා පද්ධතිය හා වෛද්‍ය ආරක්ෂණ පද්ධතිය ස්ථාපිත කොට තිබෙන බව චීන නියෝජිතයෙක් පවසයි.

හෙතෙම මේ බව පැවසුවේ, 77වැනි ලෝක සෞඛ්‍ය සමුළුවට සමගාමීව පසුගිය 27වැනිදා පැවති චීන නියෝජිත කණ්ඩායම විසින් සංවිධාන කරන ලද උප රැස්වීමට සහභාගි වූ අවස්ථාවේදී ය. “ජනතාව කේන්ද්‍ර කරගත් ඒකාබද්ධ සෞඛ්‍ය සේවා පද්ධතියක් ගොඩනැගීම ප්‍රවර්ධනය කොට සියළු දෙනාටම සෞඛ්‍ය ආවරණය ක්‍රියාත්මක කිරීම” එම රැස්වීමේ තේමාවයි. චීනය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය හා තායිලන්තය යනාදී රටවල හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරු 130කට වැඩි පිරිසක් එයට සහභාගි වී අදාළ අත්දැකීම් බෙදා ගනිමින් සාකච්ඡා පැවැත්වූහ.

මෑත වසරවල චීන රජය ජනතාවගේ සෞඛ්‍යය කේන්ද්‍ර කොට වෛද්‍ය හා සෞඛ්‍ය පද්ධති ප්‍රතිසංස්කරණය අඛණ්ඩව හා ගැඹුරින් ක්‍රියාත්මක කර තිබෙන අතර ඒකාබද්ධ වෛද්‍ය හා සෞඛ්‍ය සේවා පද්ධතියක් පූර්ණ ශක්තියෙන් යුතුව ගොඩනගා තිබෙන බව චීන නියෝජිතයා එම රැස්වීමේදී සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම