චීන මහජන සමූහාණ්ඩුව හා ඊජිප්තු අරාබි ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
2024-05-29 20:06:05
Share with:

චීන මහජන සමූහාණ්ඩුව හා ඊජිප්තු අරාබි ජනරජය අතර අංගසම්පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම පිළිබඳ ඒකාබද්ධ නිවේදනය නිකුත් කෙරේ. ඊජිප්තු ජනාධිපති Abdul Fatah Al-Sisi මහතා ඊයේ(28) සිට ලබන 31 වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට සමගාමීව මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කෙරිණ.

එම ඒකාබද්ධ නිවේදනයට අනුව ද්විපාර්ශ්වික සබඳතාව, විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා, බහුපාර්ශ්වික රාමුවල සම්බන්ධීකරණ ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් දෙරටේ නායකයන් අතර සාකච්ඡාවක් ද පවත්වා ඇත. එමෙන්ම ඔවුන් එහිදී කලාපීය හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳව අදහස් හුවමාරු කර තිබේ.

අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාවේ ඵලදායී ප්‍රතිඵල පිළිබඳ නායකයන් දෙදෙනාගේ ඇගයීමට ද ලක්ව තිබේ. එම සබඳතාව ගොඩනැගීමේ 10 වන සංවත්සරය නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා ඊජිප්තු ජනාධිපති Abdul Fatah Al-Sisi මහතා ප්‍රකාශ කළේ මේ වසර චීන-ඊජිප්තු හවුල්කාරීත්ව වසර බවට පත් වන බවයි. මේ වසරේදී රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික, වෙළඳ, ආයෝජන, සංස්කෘතික හා සංචාරක වැඩසටහන් මාලාවක් පැවැත්වීමෙන් විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කරනු ඇතැයි ඔවුහු පෙන්වා දුන්හ.

එමෙන්ම කේන්ද්‍රීය ප්‍රතිලාභ හා අවධානයන්ට අන්‍යෝන්‍ය වශයෙන් උපරිම සහය ලබා දිය යුතු ය. දෙපාර්ශ්වය අඛණ්ඩව ගෝලීය අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමට කැප වෙමින් කලාපීය හා ජාත්‍යන්තර කටයුතුවල සහයෝගිතා හා සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කර ගනු ඇතැයි ෂී ජින් පිං මහතා හා Abdul Fatah Al-Sisi මහතා එහිදී අවධාරණය කර ඇතැයි එම ඒකාබද්ධ නිවේදනය සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම