ග්‍රාමීය මහාමාර්ග සංවර්ධනය පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්
2024-05-29 19:11:55
Share with:

ග්‍රාමීය මහාමාර්ග සංවර්ධනය සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා උපදෙස් ලබා‍ දෙයි.

පසුගිය දා හෙතෙම ග්‍රාමීය මහාමාර්ග සංවර්ධනය සඳහා මෙම උපදෙස් ලබා දී ඇත. ගෙවුණු වසර කිහිපය තුළ රටේ ග්‍රාමීය මහාමාර්ග සංවර්ධනය කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන ඇති බැවින් එම මහාමාර්ග ගොවීන්ගේ ජීවන මට්ටම නඟාසිටුවීමට ද වැදගත් රුකුලක් බවට පත්ව තිබේ. ග්‍රාමීය ප්‍රදේශවල පුනරුදය සඳහා ද, කෘෂිකාර්මික හා ග්‍රාමීය ප්‍රදේශවල නවීකරණ ක්‍රියාදාමය වේගවත් කිරීම සඳහා ද ග්‍රාමීය මහාමාර්ග සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බව චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ග්‍රාමීය මහාමාර්ගවල ඉහළ ගුණත්වයෙන් යුත් සංවර්ධනය පිළිබඳ 2024 වසරේ සමුළුව අද (29) නැගෙනහිර චීනයේ චර් ජියං පළාතේ ශාඕ ශිං නගරයේදී ආරම්භ විය. චීන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හ ලී ෆෙං මහතා ඊට එක් වෙමින් ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ උපදෙස් ප්‍රකාශයට පත් කළේ ය.එම උපදෙස් නව යුගයේ ග්‍රාමීය මහාමාර්ග සංවර්ධනය සඳහා පැහැදිලි මඟපෙන්වීමක් ලබා දෙන බව ඔහු එහිදී දේශනයක් පවත්වමින් කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම