චීන හා ඉක්වදොර ගිනියා ජනාධිපති ආර්යාවන් අතර තේ පිළිසඳරක්
2024-05-29 11:22:30
Share with:

චීන ජනාධිපති ආර්යා පන්ග් ලීයුවන් ආර්යාව ඉක්වදොර ගිනියා ජනාධිපති ආර්යා Constancia Mangue de Obiang මහත්මිය සමග තේ පිළිසඳරක නිරත වෙයි. ඉක්වදොර ගිනියා ජනාධිපතිවරයා සමග Constancia Mangue de Obiang මහත්මිය බෙයිජිං නුවරට පැමිණ සිටී. එම සංචාරය අතරතුර දෙරටේ ආර්යාවන් අතර ඊයේ (28) මෙම හමුව සිදුවිය.

චීනය හා ඉක්වදොර් ගිනියා දෙරට එකිනෙකාට සහාය වන හොඳ මිතුරන් හා හවුල්කරුවන් බව පන්ග් ලි යුවාන් ආර්යාව එහිදී සඳහන් කළාය. දෙපාර්ශ්වයට වඩාත් වැඩි හුවමාරු හා සහයෝගතා පැවැත්වීමට මෙන්ම කාන්තාවන්ගේ අයිතිවාසිකාම් හා ප්‍රතිලාභ ඒකාබද්ධව ආරක්ෂා කරමින් ප්‍රවර්ධනය කිරීමට  හැකි වෙතැයි ද ඇය බලපොරොත්තු පළ කළාය.දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ගෙන ඒම වෙනුවෙන් අධ්‍යාපන මට්ටම හා පොදු සෞඛ්‍ය ඒකාබද්ධව වර්ධනයට ක්‍රියා කිරීමේ වැදගත්කමද චීන ජනපති ආර්යාව එහිදී පෙන්වා දුන්නාය.චී

නය පිළිබඳ ඉහළින් කථා කළ Constancia Mangue de Obiang මහත්මිය, විශේෂයෙන් පන්ග් ලී යුවාන් මහත්මිය ඉක්වදෝර් ගිනියා රාජ්‍යය ඇතුළුව අප්‍රිකානු රටවල දිගු කලක් පුරා දරුවන් හා ළමුන් වෙනුවෙන් ඉටු කරන කාර්යභාරය අගය කළාය. චීනය සමග හුවමාරු හා සහයෝගතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවද ඇය එහිදී පැවසූවාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම