උසස් තත්ත්වයේ හා ප්‍රමාණවත් රැකියා නියුක්තිය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි
2024-05-28 19:44:20
Share with:

උසස් තත්ත්වයේ හා ප්‍රමාණවත් රැකියා නියුක්තිය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය ඊයේ (27) උසස් තත්ත්වයේ හා ප්‍රමාණවත් රැකියා නියුක්තිය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අධ්‍යයන සැසියක් පැවැත්විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා එහි මුලසුන දැරීය.

රැකියාව ජනතාවගේ පැවැත්මට සෘජුව බලපාන සාධකයක් මෙන් ම එය ජනතාවගේ මූලික අවශ්‍යතාවක් ද වේ. මධ්‍යම රජය සෑමවිටම රැකියා නියුක්තිය ප්‍රවර්ධනය වැදගත් කාර්යයක් වශයෙන් සලකයි. මහජනතාව කේන්ද්‍රගත සංවර්ධන රටාවේ එල්බ සිටිමින් ජනතාවගේ රැකියා නියුක්තිය ඉහළ මට්ටමින් හා පූර්ණ වශයෙන් ප්‍රවර්ධනය කළ යුතු බවත්, ශ්‍රමිකයින්ගේ තෘප්තිය, සතුට හා ආරක්ෂාව අඛණ්ඩව තහවුරු කළ යුතු බවත්, චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ ය. විශ්වවිද්‍යාල උපාධිධාරීන්, ගොවි කම්කරුවන්, ආබාධ සහිත පුද්ගලයන්, හමුදා සේවයෙන් ඉවත්ව සිටින පුද්ගලයන් සහ කාන්තාවන් ඇතුළු පිරිස්වල රැකියා නියුක්තිය කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව ද හෙතෙම එහිදී අවධාරණය කර  ඇත.

චීන කම්කරු හා සමාජ ආරක්ෂණ ඇකඩමියේ ප්‍රධානී මෝ රොං මහතා එම අධ්‍යයන සැසියේදී උසස් තත්ත්වයේ සහ ප්‍රමාණවත් රැකියා නියුක්තිය පිළිබඳ දේශනයක් පැවැත්වූ අතර අදාළ යෝජනා ද ඉදිරිපත් කළේ ය.

එහි පැමිණ සිටි පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජිකයෝ එම දේශනවලට සවන් දීමෙන් පසු සාකච්ඡා පැවැත්වූහ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම