චීන-ඇමරිකා සමුද්‍ර කටයුතු පිළිබඳ දෙවැනි වටයේ සාකච්ඡාව ඇරඹේ
2024-05-28 11:26:18
Share with:

චීන-ඇමරිකා සමුද්‍ර කටයුතු පිළිබඳ දෙවැනි වටයේ සාකච්ඡාව පැවැත්වේ. පසුගිය 24වැනි දා එය මාර්ගගත අයුරින් පැවැත්විණ. චීන විදේශ අමාත්‍යංශයේ මායිම් හා සමුද්‍ර කටයුතු පිළිබඳ ප්‍රධානී Hong Liang මහතා සහ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේනතුවේ චීන කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක, නැගෙනහිර ආසියා හා පැසිෆික්  කාර්යාංශයේ උප සහකාර ලේකම් Mark Baxter Lambert මහතාගේ  ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විණ. සංවාද මාර්ගයෙන් අනවබෝධයන් දුරු කිරීමට දෙපාර්ශ්වය එහිදී එකඟ වූහ.

එසේ ම, එහිදී ඇමරිකාව චීනය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කර ඇති ප්‍රකෝපකාරී ක්‍රියාවන් වෙත චීනය දැඩි සැලකිල්ල දැක්වීය. චීනයේ භෞමික අඛණ්ඩතාව හා සමුද්‍ර අයිතිවාසිකම් වෙත ගරු කර චීනය හා අසල්වැසි රටවල් අතර පවතින මුහුදු මතභේදවලට අනිසි බලපෑම් එල්ල නොකරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ.

චීන-ඇමරිකා සබඳතාව කෙරෙහි බලපාන මූලික දේශපාලන පදනම වන එකම චීනය මූලධර්මය, සමුද්‍ර කටයුතු පිළිබඳ දෙරටේ සංවාදයේ හරය ද වෙයි. ‘තායිවාන ස්වාධීනත්වය’තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සාමය හා ස්ථාවරත්වයට එල්ල කරන දැවැන්ත ම තර්ජනයයි. ‘තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන්කිරීම’ට සහාය නොවන සිය ප්‍රතිඥාව ඇමරිකාව අඛණ්ඩව අනුගමනය කළ යුතු බව ද චීනය අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම