චීන-සමක ගිනියා ජනපතිවරු අතර හමුවක්
2024-05-28 17:20:27
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා සමක ගිනියා ජනාධිපති Teodoro Obiang Nguema Mbasogo මහතා අතර අද(28) බෙයිජිංහි මහජන මහා ශාලාවේදී හමුවක් පැවැත්විණ. එහිදී දෙරටේ ජනාධිපතිවරුන් ප්‍රකාශ කළේ, චීන- සමක ගිනියා සබඳතා විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයකින් යුතුව වැඩි දියුණු කරන බවයි.

චීනය හා සමක ගිනියාව රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමෙන් පසු කේන්ද්‍රීය ප්‍රතිලාභ හා මූලික ගැටලුවලදී දෙපාර්ශ්වය ආරම්භයේ සිට ම එකිනෙකාට සහයෝගය ලබා දී ති‍බෙන බව ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. සමක ගිනියාව ජාතික ස්වාධිපත්‍යය හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම හා සිය සංවර්ධන මාර්ගය තුළ කටයුතු කිරීමේ දී චීනය උපරිම දායකත්වය ලබා දෙයි. දෙරටේ සබඳතාව වැඩිදියුණු කිරීමත් සමග විවිධ ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගිතා පුළුල් කිරීම, ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය, දරිද්‍රතාවය පිටුදැකීම ඇතුළු අංශ පිළිබඳ අත්දැකීම් හුවමාරු කිරීම මගින් දෙරටේ සාම්ප්‍රදායික මිතුදම ශක්තිමත් කිරීමට හැකි වනු ඇතැයි හෙතෙම  ප්‍රකාශ කළේය.

සමක ගිනියාව වැනි බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග ජාත්‍යන්තර කටයුතුවල සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් පොදු ප්‍රතිලාභ වෙනුවෙන් ජාත්‍යන්තර සාධාරණත්වය ආරක්ෂා කිරීමට චීනය කැමැත්තෙන් සිටී. චීන-අප්‍රිකා සහයෝගිතා සංසදය ශක්තිමත්ව ගොඩනගමින් අනාගත සංවර්ධනය හා සහයෝගිතාව ඔස්සේ පොදු ඉරණමක් සහිත චීන අප්‍රිකා හවුලේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට චීනය කැමැතෙන් සිටින බව ද ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

චීනය, සමක ගිනියාවේ සමීප මිතුරෙක් මෙන්ම විශ්වාසය කළ හැකි උපායමාර්ගික හවුල්කාරී පාර්ශ්වයක් බව ඉක්වදෝර් ගිනියා ජනාධිපති Teodoro Obiang Nguema Mbasogo මහතා එහිදී පැවසීය. සමානාත්මතාව හා ‍අන්‍යෝන්‍ය ගරුත්වය මත දෙරටේ සහයෝගිතාව පවත්වා ඇත. චීනය සිය රටට ලබා දුන් වෛද්‍ය ආධාර ව්‍යාපෘති ඔස්සේ ප්‍රාදේශීය වැසියන්ගේ සුභසෙත සලසා ඇති බව Teodoro Obiang Nguema Mbasogo මහතා පැවසීය. එය අප්‍රිකා-චීන මිතුදමේ සංකේතයකි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ඇතුළු සංකල්පය ගෝලීය සාමය ඇති කරමින් වඩාත් සුන්දර ලෝකය බිහි කිරීමට උපකාරී වනු ඇත. චීනය සමග චීන අප්‍රිකා සහයෝගිතා සංසදය, බ්‍රික්ස් රටවල් ඇතුළු රාමු යටතේ සහයෝගිතා ශක්තිමත් කිරීම, ගෝලීය පාලන පද්ධතිය වඩාත් සාධාරණ දිශාවක් දෙසට ප්‍රවර්ධනය කිරීමට සමක ගිනියාව කැමැත්තෙන් සිටී. එකම චීනය ප්‍රතිපත්තිය දැඩි ලෙස අනුගමනය කරමින් රට එක්සත් කිරීම වෙනුවෙන් වූ චීන රජයේ උත්සාහයට සමක ගිනියාව දැඩි ලෙස සහය වන බව හෙතෙම අවධාරණය කළේය.

එම හමුවෙන් පසු දෙරටේ නායකයන් ඉදිරියේ, ආයෝජන, ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික, හරිත ආර්ථික, ගෝලීය සංවර්ධන මුලපිරුම ක්‍රියාවට නැංවීම ඇතුළු ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා ලේඛනවලට අත්සන් තැබිණ. චීන මහජන සමූහාණ්ඩුව සහ සමක ගිනියාව අතර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් ගොඩනැඟීම පිළිබඳ ඒකාබද්ධ නිවේදනයට ද දෙපාර්ශ්වය එකගතාවය පළ කළහ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම