නායයාම් අවදානම් හේතුවෙන් පැපුවා නිව්ගිනියාවේ පුද්ගලයින් 7900 දෙනෙක් වෙනත් ප්‍රදේශවලට යොමු කෙරේ
2024-05-28 09:34:07
Share with:

අලුතෙන් නායයාම් සිදු වීමේ අවදානම හේතුවෙන් පැපුවා නිව්ගිනියාවේ පුද්ගලයින් 7900 දෙනෙක් එම අවදානම් ප්‍රදේශවලින් ඉවත් කර තිබේ.

පසුගිය 24 වනදා සිදුවූ නායයාමට  එරට පුද්ගලයින් 2000ක් පමණ යටවූ බව පැපුවා නිව්ගිනියා ජාතික ආපදා කටයුතු මධ්‍යස්ථානය ඊයේ(27) එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ.

පැපුවා නිව්ගිනියාවේ අධික වර්ෂා පතනය අඛණ්ඩව පවතී. එරටේ උතුරු ප්‍රදේශයේ කඳුකරයේ සිදුවූ නායයාමෙන් මිය ගිය සංඛ්‍යාව 670 ඉක්මවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංක්‍රමණිකයින්ගේ සංවිධානයේ පැපුවා නිව්ගිනියාවේ ප්‍රධානි Serhan Aktoprak මහතා පසුගියදා(26) සඳහන් කළ බව ද විදේශ මාධ්‍ය වාර්තා කර ඇත.

පැපුවා නිව්ගිනියාවේ සිදුවූ නායයාම් විපත සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එර‍ට ආණ්ඩුකාර ජනරාල් Bob Dadae මහතා වෙත ශෝකය පළ කරයි.

පැපුවා නිව්ගිනියාවේ නායයාමෙන් විශාල ජීවිත හා දේපල අලාභ හානියක් සිදු වූ බව දැන ගත් බවත් චීන රජය මෙන්ම චීන ජනතාව ද නියෝජනය කරමින් ගොදුරුවූවන් වෙනුවෙන් දැඩි ශෝකය පළ කරන අතර ඔවුන්ගේ පවුල්වල අයට සංවේගය දක්වන බවත් ෂී ජින්පිං මහතාගේ ශෝක පණිවිඩයේ සඳහන් වේ. 

ආපදා කටයුතු සඳහා සහාය වීමට චීනය සූදානමින් සිටින බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම