ලෝක සෞඛ්‍ය සමුළුව තායිවාන ප්‍රදේශය හා සම්බන්ධ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව චීනයේ ප්‍රතිචාරය පළ වේ
2024-05-28 10:03:56
Share with:

ලෝක සෞඛ්‍ය සමුළුව චීන තායිවාන ප්‍රදේශය හා සම්බන්ධ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වයි. ඊට අදාළ නිවේදනය ඊයේ (27)  නිකුත් කර ඇත.

 “ලෝක සෞඛ්‍ය සමුළුවට නිරීක්ෂණ සාමාජිකයෙකු ලෙස සහභාගි වීම සඳහා තායිවාන ප්‍රදේශයට ආරාධනා කළ යුතු” බවට ඇතැම් රටවල් විසින් ඉදිරිපත් කරන ලද ඊනියා යෝජනාව සමුළුවේ ක්‍රියාදාමයට ඇතුළත් වීම සපුරා ප්‍රතික්ෂේප කිරීමට ලෝක සෞඛ්‍ය සමුළුවේ ප්‍රධාන කමිටුව හා පූර්ණ සැසිවාරය තීරණය කළේය. 

ලෝක සෞඛ්‍ය සමුළුව චීන තායිවාන ප්‍රදේශය හා සම්බන්ධ යෝජනාව අඛණ්ඩව ප්‍රතික්ෂේප කළ 8 වැනි වසර මෙයයි. එමගින් චීනයේ ස්ථාවරය පිළිබඳව ජගත් ප්‍රජාවට ඇති පුළුල් අවබෝධය පිළිබිඹු වී තිබේ. එසේම, රටවල් සියයකට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කළ විශේෂ සංදේශ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යාක්ෂ ජනරාල්වරයා වෙත යොමුකර තිබීමෙන් ද චීනය කෙරෙහි ඔවුන් දක්වන සහයෝගය ප්‍රකට වෙයි. එකම චීනය මූලධර්මය ජගත් ප්‍රජාවේ බහුතරව පිළිගන්නා ප්‍රධාන ප්‍රවණතාවකි. ඊට කිසිදු අභියෝගයක් එල්ල වීමේ ඉඩක් නොමැති බව ද මෙහිදී සනාථ වී තිබේ. 

චීන තායිවාන පුරවැසියන්ගේ සුබසාධනය චීන මධ්‍යම රජය වැදගත් කොට සලකන බව විදේශ අමාත්‍යාංශ නිවේදනයේ දැක්වේ. එකම චීනය මූලධර්මයට අනුකූල වීමේ පදනම මත, තායිවාන ප්‍රදේශයේ සෞඛ්‍ය විශේෂඥයන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයට සමගාමී තාක්ෂණික සමුළුවලට එක්වීමට අවසර දෙන බව ද එහි සඳහන් ය. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම