බංග්ලාදේශයේ ස්වාධීන රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තියට චීනයේ උපරිම සහයෝගය
2024-05-28 17:37:42
Share with:

බංග්ලාදේශය ස්වාධීන රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය අනුගමනය කිරීම සම්බන්ධයෙන් උපරිම සහාය ලබා දෙන බව චීනය ප්‍රකාශ කරයි.

පසුගිය දා බංග්ලාදේශ අගමැතිනි Sheikh Hasina මහත්මිය ප්‍රසිද්ධියේ දේශනයක් පවත්වමින් ඇමරිකාව සිය රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම පිළිබඳ විවේචනය ක‍ළා ය. රටේ දේශභූමි හෝ ස්වාධිපත්‍යය විකිණීමෙන් බලය ලබා ගැනීමට කිසිලෙසකින් කටයුතු නොකරන බව ද එහිදී ඇය ප්‍රකාශ කළා ය.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද (28) මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියාසිටියේ බංග්ලාදේශ ජනතාවගේ ස්වාධීන ජීවගුණය Sheikh Hasina අග්‍රාමාත්‍යවරියගේ එම ප්‍රකාශයෙන් මැනවින් පිළිබිඹු වී ඇති බවයි.  බංග්ලාදේශය සිය ස්වාධිපත්‍යය හා  සිය භූමියේ අඛණ්ඩතාව රැකගැනීමටත් , ස්වාධීන රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය අනුගමනය කිරීම පිළිබඳවත්, චීනය උපරිම ලෙස සහාය ලබා දෙන බව ද මෞ නිං මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම