ගෝලීය ප්‍රජාවේ පොදු පිළිගැනීමෙන් යළි ප්‍රතික්ෂේප වූ තායිවාන පාලකයන්ගේ සැගවුණු අරමුණ
2024-05-28 20:47:13
Share with:

ඊයේ (27) ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සමුළුවේදී තායිවාන පාලකයන්ගේ සැගවුණු අරමුණ යථාර්ථයක් වීමේ උත්සාහය යළි ව්‍යර්ථ විය. “ලෝක සෞඛ්‍ය සමුළුවට නිරීක්ෂණ සාමාජිකයෙකු ලෙස සහභාගි වීම සඳහා තායිවාන ප්‍රදේශයට ආරාධනා කළ යුතු”බවට ඇතැම් රටවල් ‍ඉදිරිපත් කළ යෝජනාව සමුළුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම එම සමුළුවේදී ප්‍රතික්ෂේප කෙරිණ. එය ලෝක සෞඛ්‍ය සමුළුව චීනයේ තායිවාන ප්‍රදේශය හා සම්බන්ධ යෝජනාව අඛණ්ඩව ප්‍රතික්ෂේප කළ අටවැනි අවස්ථාව වීම විශේෂත්වයකි.

  මෑතකදී තායිවාන පාලක Lai Ching-te සිය දිවුරුම් දීමේ අවස්ථාවේදී කියා සිටියේ චීන මහ ගොඩබිම සහ තායිවානය එකිනෙකට අයිති නොවන බවයි. තායිවානය චීනයට අයත් නොවන බවට ඔහුගේ දේශනයෙන් ප්‍රකාශ කළ Lai Ching-te මෙවර ලෝක සෞඛ්‍ය සමුළුව තුළින් තවත් වාසි ලබා ගැනීමට දැඩි ප්‍රයත්නයක් දැරීය. එම සමුළුවට පෙර සහ සමුළුව ආරම්භ වීමෙන් පසු තායිවාන පාලකයන් ඇමරිකාවේ සහාය ඇතිව නිරීක්ෂණ සාමාජිකයෙකු වශයෙන් සමුළුවට එක්වීමට වෑයම් කළේ ය. ඇමරිකාව තායිවාන පාලකයන් සමග එක්ව ලෝක සෞඛ්‍ය සමුළුව මගින් සිය දේශපාලන අරමුණ සාක්ෂාත් කිරීමේ චේතනාව ජගත් ප්‍රජාව ඉදිරියේ ඉතා පැහැදිලි ය.

“එකම චීනය”එක්සත් ජාතීන්ගේ 2758වැනි තීරණය විසින් නියම කරන ලද මූලධර්මයකි. ලෝක සෞඛ්‍ය සමුළුව ඇතුළු ජගත් සංවිධානවල විවිධ ක්‍රියාකාරකම්වලට එක්වීමේ වරම තායිවානය‍ ලබන්නේ “එකම චීනය”මූලධර්මය යටතේ ය. ලෝක සෞඛ්‍ය සමුළුව අඛණ්ඩව 8වැනි වතාවක් තායිවානයට අදාළ යෝජනාව ප්‍රතික‍්ෂේප කර ඇත්තේ “එකම චීනය”මූලධර්මයට ගරු කරන නිසාවෙනි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ  එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නියම කරන ලද ජාත්‍යන්තර සම්බන්ධතා මූලධර්ම රැක ගැනීම පිළිබඳ ජගත් ප්‍රජාවේ පොදු පිළිගැනීම එමගින් ද පිළිබිඹු වනු ඇත.

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම