ප්‍රතිපත්ති පොළී අනුපාතිකය ගැන මහ බැංකුවෙන් තීරණයක්
2024-05-28 15:23:28
Share with:

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ති‍බේ. ඊයේ(27) ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 8.50% ක් ලෙස පෙර පැවති මට්ටමින්ම පවත්වාගෙන යනු ඇත. එමෙන්ම නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය දැනට පවතින 9.50% ක අගයකින් පවත්වාගෙන යාමට තීරණය කර ඇත.

උද්ධමනය 5% ක මට්ටමේ පවත්වාගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම