Shenzhou 18 ගගනගාමී කාර්ය මණ්ඩලයේ පළමු බාහිර මෙහෙයුම සාර්ථක ව අවසන් වේ
2024-05-28 20:12:33
Share with:

චීනයේ ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලයට අනුව, Shenzhou 18 ගගනගාමී කාර්ය මණ්ඩලය අද(28) පැය 8.5ක පමණ කාලයක් සිය බාහිර මෙහෙයුම සාර්ථක ව අවසන් කර තිබේ.

අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රොබෝ යන්ත්‍රවල සහ භූමි විද්‍යාත්මක පර්යේෂකයන්ගේ සහයෝගය යටතේ මෙම මෙහෙයුම සිදු කර ඇත. Shenzhou 18 ගගනගාමීන් වන Ye Guangfu, Li Cong සහ Li Guangsu සමීපව නිරීක්ෂණ කටයුතු සිදු කරමින්, අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අභ්‍යවකාශ සුන්බුන් ආරක්ෂණ උපකරණය සවි කිරීම මෙන්ම, බාහිර යන්ත්‍රණ සහ පහසුකම් පරීක්ෂා කිරීම වැනි කාර්යයන් සාර්ථකව නිම කළහ. ගගනගාමීන් වන Ye Guangfu සහ Li Guangsu ආරක්ෂිතව Wentian පර්යේෂණාත්මක අභ්‍යවකාශ කැප්සියුලයට ආපසු පැමිණ ඇති අතර, මේ අනුව Shenzhou 18 ගගනගාමී කාර්ය මණ්ඩලයේ පළමු බාහිර මෙහෙයුම සාර්ථක ව අවසන් විය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම