දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා රතු නිවේදනයක්
2024-05-28 15:30:55
Share with:

තද සුළං සහ රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. අද (28) උදෑසන  නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ. 

ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 60 -70ත් දක්වා වැඩි වන අතර එම ප්‍රදේශයේ මුහුද ඉතා රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම මුහුදු ප්‍රදේශ වෙත නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙසත් නාවික හා ධීවර ප්‍රජාවන්ට දැනුම් දී ඇත.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වෙන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 - 3 දක්වා ඉහළ යා හැකිය. මේ හේතුවෙන් කල්පිටිය සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාව ද පවතී.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම