චීන-ජපන්- දකුණු කොරියා සහයෝගීතාවයේ මූලික අරමුණ වෙනුවෙන් කැපවිය යුතු බව චීන අගමැති පවසයි
2024-05-27 16:33:19
Share with:

චීනය, ජපානය සහ දකුණු කොරියාව සහයෝගීතාවයේ මූලික අරමුණ වෙනුවෙන් කැපවිය යුතු බව චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා පවසයි. කලාපීය සමෘද්ධිය සහ ස්ථාවරත්වය  සහතික කිරීමට මෙම සහයෝගීතාව යළි ආරම්භ කරමින් එය තවදුරටත්  ප්‍රවර්ධනය කිරීමට ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ද  හෙතෙම ප්‍රකාශ කර ඇත. අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේ අද (27) පැවති චීන-ජපන්- දකුණු කොරියා 9 වැනි ත්‍රෛපාර්ශ්වික සමුළුව අමතමිනි. 

මෙම ත්‍රෛපාර්ශ්වික සහයෝගීතා යාන්ත්‍රණයේ 25 වැනි සංවත්සරය මෙම වසරට යෙදී තිබේ. එහෙයින් මෙම නව ආරම්භක අවස්ථාවේදී සියලු දෙනා විවෘතභාවය,‍ අන්‍යෝන්‍ය ගෞරවය සහ විශ්වාසය, තහවුරු කළ යුතුය. 

මෙම සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට Li Qiang මහතා කරුණු පහකින් යුත් යෝජනාවක් මෙහිදී ඉදිරිපත් කළේය. ඉන් පළමුවැන්න වනුයේ ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාවය අතර ධනාත්මක ක්‍රියාකාරිත්වය ප්‍රවර්ධනය කරමින් සහයෝගීතාවයේ පුළුල් නව ආරම්භය ශක්තිමත් කිරීමයි. දෙවැන්න ආර්ථික හා වෙළෙඳ සබඳතා ශක්තිමත් කරමින් ත්‍රෛපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමයි.

තෙවන යෝජනාව වනුයේ විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදන සහයෝගිතාව වර්ධනය කිරීමයි. සංස්කෘතික සහ මානව හුවමාරු ඉහළ නැංවීම සිව්වන යෝජනාවයි. අවසන් යෝජනාව වනුයේ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමයි.

එමෙන්ම හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමට සහ ගෝලීය ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට දකුණු කොරියාව සහ ජපානය සමග කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Li Qiang මහතා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම