අරාබි රාජ්‍ය හතරක රාජ්‍ය නායකයන් චීන සංචාරයකට සූදානම්
2024-05-27 09:55:16
Share with:

බහරේන් රාජධානිය, ඊජිප්තුව, ටියුනීසියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල නායකයෝ චීන සංචාරයකට සූදානම් වෙති. 

ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ඇරයුමකට අනුව බහරේන් Hamad Bin Issa රජු, ඊජිප්තු ජනාධිපති Abdul Fatah Al-Sisi, ටියුනීසියා ජනාධිපති Kais Saied සහ එක්සත් අරාබි එමීර් ජනාධිපති Mohammedbin Zayed al-Nahyan යන මහත්වරුන් චීනයේ නිල සංචාරයක නිරත වන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා හුවා චුන් යිං මහත්මිය නිවේදනය කරයි. එම සංචාරය හෙට (28) සිට ජුනි පළමුවැනිදා දක්වා සිදුකෙරෙනු ඇත. 

සංචාරය අතරතුර රාජ්‍ය නායක පිරිස බෙයිජිං නගරයේ පැවැත්වෙන චීන-අරාබි රාජ්‍ය සහයෝගිතා සංසදයේ 10 වැනි අමාත්‍ය සමුළුවේ සමාරම්භක උළෙලට එක්වීමට ද නියමිත ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම