චීන - ජපාන අගමැතිවරුන් අතර හමුවක්
2024-05-27 09:27:58
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා, ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida මහතා හමුවෙයි. සෝල් අගනුවර පැවති 9 වැනි චීන-ජපාන-දකුණු කොරියානු නායක හමුවට සමගාමීව එම හමුව ඊයේ (26) රාත්‍රියේ පැවැත්විණ.

දෙරට නායකයන් එළඹුණු වැදගත් සම්මුතීන් ක්‍රියාවට නංවා, අන්‍යෝන්‍ය විශ්වාසය හා සහයෝගිතා අඛණ්ඩව තහවුරු කරමින්, නවයුගයේ අවශ්‍යතා සපුරාලන තිරසර චීන-ජපන් සබඳතාවක් ගොඩනැගීම සඳහා ජපානය චීනය සමඟ එක්ව කටයුතු කරනු ඇතැයි Li Qiang මහතා එහිදී බලාපොරොත්තු පළ කළේය. තායිවාන ප්‍රශ්නය චීනයේ මූලික අවශ්‍යතාවන් හි පදනම වේ. ජපානය සිය පොරොන්දු ඉටුකර, දෙරට සබඳතා නිසි ලෙස වර්ධනය කර ගැනීම සඳහා ධනාත්මක වාතාවරණයක් නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද චීන අගමැතිවරයා  කියාසිටියේය.

ජපාන අගමැති Fumio Kishida මහතා එහිදී පැවසුවේ, හරිත ආර්ථිකය, වෛද්‍ය සත්කාර සේවා සහ තුන්වැනි පාර්ශ්ව වෙළඳපොළ වැනි ක්ෂේත්‍රවල චීනය සමඟ සහයෝගිතා ශක්තිමත් කිරීමටත්, දේශගුණික විපර්යාස වැනි ගෝලීය ගැටලුවලට එක්ව මුහුණදීමටත් ජපානය සූදානමින් සිටින බවයි.  එසේම, ස්ථාවර මෙන්ම සක්‍රිය ජපාන-චීන සබඳතාවක්  ගොඩනඟා ගැනීමට ජපානය කැමැත්තෙන් සිටින බව ද ඔහු පැවසීය. තායිවාන ප්‍රශ්නය හා සම්බන්ධ 1972 ජපාන-චීන ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් ස්ථාවරයට ජපානය අනුගත වන බවත්, එය කිසිසේත්ම වෙනස් වී නොමැති බවත් අගමැති Fumio Kishida මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම