චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලය රැස්වෙයි
2024-05-27 17:02:10
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලය රැස්වීමක් අද(27)  පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණ. "නව යුගයේ මධ්‍යම කලාපයේ කඩිනම් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග" මෙන්ම "මූල්‍ය අවදානම් වැළැක්වීම සහ විසඳීම සඳහා වගවීම පිළිබඳ විධිවිධාන" යන වැදගත් ලියකියවිලි එහිදී සමාලෝචනය කර ඇත.

චීනයේ මධ්‍යම කලාපයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම යනු, ෂී ජින් පිං මහතාගේ මූලිකත්වයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගත් ප්‍රධාන උපායමාර්ගික තීරණයකි. පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මූලෝපායික අභිප්‍රායන් ගැඹුරින් වටහා ගත යුතු අතර, ප්‍රාදේශීය තත්ත්වයන්ට අනුව නව ගුණාත්මක ඵලදායීතාව වර්ධනය කළ යුතු ය. එසේම නවීන කාර්මික පද්ධතියක් ගොඩනැගීම වේගවත් කරන අතර, නව ප්‍රධාන ජයග්‍රහණ ලබා ගැනීම සඳහා මධ්‍යම කලාපයේ නැගීම ප්‍රවර්ධනය කළ යුතු බව ද මෙම රැස්වීමේ දී සඳහන් විය.

මූල්‍ය අවදානම් වැළැක්වීම සහ ඒවා විසඳීම යනු, ඉහළ ගුණාත්මක සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා යුතු ප්‍රධාන පියවරක් බව මෙම රැස්වීමේ දී අවධාරණය කෙරිණ. "මූල්‍ය අවදානම් වැළැක්වීම සහ විසඳීම සඳහා වගවීම පිළිබඳ විධිවිධාන" ඉදිරිපත් කිරීමේ අරමුණ වන්නේ, මූල්‍ය ක්ෂේත්‍රය පුළුල් හා දැඩි ලෙස පාලනය කිරීම තවදුරටත් ප්‍රවර්ධනය කිරීමයි. එසේම මෙමගින්, මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මධ්‍යගත සහ ඒකාබද්ධ නායකත්වය ඵලදායී ලෙස ශක්තිමත් කිරීමට ද අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම