උරුමය ඉඩම් ඔප්පු ලබාදීම කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ගමට ගෙන යාමේ ආරම්භක පියවර බව ජනපති පවසයි
2024-05-27 15:07:22
Share with:

“උරුමය ” වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක් හා මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 ක් ආවරණය වන පරිදි සින්නක්කර ඉඩම් ඔප්පු 700ක් ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාතගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) වවුනියාව මෝජෝ උත්සව ශාලාවේ දී සිදු විය.

මේ යටතේ එම දිස්ත්‍රික්කවලට සින්නක්කර ඔප්පු 5400ක් ලබාදීමට නියමිතය. මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම කෘෂි නවීකරණ වැඩපිළිවෙළේ ආරම්භක අවස්ථාව වන බවයි. නවීන තාක්ෂණය භාවිතයෙන් නිෂ්පාදන වැඩි කර ගනිමින් ආදායම් ඉහළ නංවා ගැනීමට මේ ඔස්සේ ජනතාවට අවස්ථාව උදාවන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම