තායිවාන ප්‍රශ්නයේ දී සීමාව ඉක්මවා කටයුතු කිරීමට කිසිදු පාර්ශ්වයක් උත්සහ නොකළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
2024-05-27 18:45:15
Share with:

චීන විදේශ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය පසුගිය 22වැනිදා, ඇමරිකානු මිලිටරි කාර්මික සමාගම් 12 ක් සහ ආයතනික විධායකයින් 10 දෙනෙකුට එරෙහිව ප්‍රතිවිරෝධතා ක්‍රියාමාර්ග ගැනීමේ තීරණය නිවේදනය කළේ ය.

මේ පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අවධාරණය කළේ, තායිවාන ප්‍රශ්නය චීනයේ මූලික අවශ්‍යතාවල කේන්ද්‍රය වන අතර, එය චීන-ඇමරිකා සබඳතාවල පළමු ජයගත නොහැකි රතු රේඛාවයි. එමෙන්ම ජාතික ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට චීන රජය සහ ජනතාව සතු දැඩි අධිෂ්ඨානය සහ හැකියාව, කිසිදු රටක්, සංවිධානයක් හෝ පුද්ගලයෙක් අවතක්සේරු නොකළ යුතු ය. තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් සීමාව ඉක්මවා කටයුතු කළහොත් ඒ ‍වෙනුවෙන් වන්දි ගෙවීම අනිවාර්ය බව ද Mao Ning මහත්මිය අවධාරණය ක‍ළා ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම