චීන-ජපන්-දකුණු කොරියා රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් 8 වැනි කාර්මික හා වාණිජ සමුළුව පැවැත්වේ
2024-05-27 18:33:09
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා, දකුණු කොරියා ජනාධිපති Yoon Seok-youl මහතා හා ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida මහතා අද(27) ඒකාබද්ධව 8 වැනි චීන-ජපන්-දකුණු කොරියා කාර්මික හා වාණිජ සමුළුවට එක් වෙති.

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා එහිදී පැවසුවේ අසල්වැසි රටවල් වන චීනය, ජපානය හා දකුණු කොරියාව ආර්ථික හා සංස්කෘතික වශයෙන් ශක්තිමත් ලෙස සම්බන්ධ වන බවයි. දකුණු කොරියාව හා ජපානය සමග විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටී. චීනය, ජපානය හා දකුණු කොරියාව අතර ආර්ථික, වෙළඳ හා විවිධ ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගිතා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් විවිධ ව්‍යවසායකයන් වැදගත් දායකත්වයක් දරා තිබේ. ආර්ථික ගෝලීයකරණය යටතේ ව්‍යවසායකයන් පුළුල් ලෙස නිර්මාණශීලි සහයෝගිතා ප්‍රවර්ධනය කර ගනු ඇතැයි ලී ච්‍යං මහතා අපේක්ෂා පළ කළේය.

එම රටවල් තුනේ කාර්මික හා වාණිජ ක්ෂේත්‍රවල හා රාජ්‍ය නියෝජිතයෝ 240ක් පමණ එම සමුළුවට එක්ව සිටියහ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම