චීන ජනපතිගේ විශේෂ දූතයා කොමොරොස් හි ජනපති පදවි ප්‍රාප්ති උළෙලට එක්වෙයි
2024-05-27 09:15:08
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ දූතයා, කොමොරොස් රාජ්‍යයේ ජනාධිපති  Azali Assoumani මහතාගේ පදවි ප්‍රාප්ති උළෙලට එක්වෙයි. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ, ජාතික කමිටුවේ උපසභාපති He Baoxiang මහතා ඊයේ (26) පැවති එම උළෙලට එක්වූයේ Assoumani  මහතාගේ ඇරයුමක් අනුව යි. 

Azali Assoumani මහතා සහ He Baoxiang මහතා අතර හමුව Moroni අගනුවර දී 25 වැනිදා පැවැත්විණ. 

රාජ්‍ය නායක දෙපළ එළඹුණු වැදගත් එකඟතා ක්‍රියාවට නංවමින්, දෙරටේ කේන්ද්‍රීය අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා කොමොරොස් රාජ්‍යය සමග එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව He Baoxiang මහතා එහිදී පැවසීය. එසේම, එක් තීරයක් එක් මාවතක් සහයෝගිතා ඉදිරියට රැගෙන යමින්, වෙනත් විවිධ ක්ෂේත්‍රවල පවතින සබඳතා තර කිරීමට ද ස්ථිර සහාය දක්වන බව හෙතෙම කියාසිටියේය. 

ජනාධිපති Azali Assoumani මහතා මෙහිදී කියාසිටියේ, තම රට එකම චීනය  මූලධර්මය තරයේ අනුගමනය කරන බවයි. ද්විපාර්ශ්වික සබඳතා ඉහළ මට්ටමකට නැංවීම සඳහා, චීනය සමග පවතින අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සහයෝගිතා පුළුල් කිරීම තම අපේක්ෂාව බව ද  ජනාධිපතිවරයා කියාසිටියේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම