ඊශ්‍රායල හමුදා යළිත් සරණාගත කඳවුරකට එල්ල කළ ප්‍රහාරවලින් 50 දෙනෙකු ජීවිතක්ෂයට
2024-05-27 09:49:52
Share with:

ගාසා තීරයේ Rafah නගරයේ පිහිටි සරණාගත කඳවුරකට ඊශ්‍රායල හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් 50 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. 

Rafah නගරයේ වයඹදිග ප්‍රදේශයේ පිහිටි එම කඳවුරට ඊශ්‍රායල හමුදා ඊයේ (26) රාත්‍රියේ ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත. ඉන් විශාල ගින්නක් ද හටගැනිණ. ගාසා තීරයේ සෞඛ්‍ය අංශය අද අලුයම නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි. විපතට පත් බහුතරය කාන්තාවන් හා දරුවන් වන බව ද එහි දැක්වේ.

ඊශ්‍රායල හමුදා Rafah සරණාගතයන්ගේ කඳවුර ඉලක්ක කරගනිමින් එල්ල කළ මෙම ප්‍රහාර “කෘර සමූහ ඝාතනයක්” බව පලස්තීන ජනාධිපති මන්දිරය අද (27) අලුයම නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය. එසේම, ඊශ්‍රායලය පලස්තීන භූමියේ සිදුකරන “සම්පූර්ණ  ආක්‍රමණ” නැවැත්වීම සඳහා වහාම පියවර ගන්නා ලෙස ද පලස්තීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම