චීන-ජපන්- දකුණු කොරියා 9 වැනි ත්‍රෛපාර්ශ්වික නායක සමුළුව සහයෝගිතාව යළි ආරම්භ වීමේ සංකේතයක් බව චීනය පවසයි
2024-05-27 18:56:15
Share with:

චීන-ජපන්- දකුණු කොරියා 9 වැනි ත්‍රෛපාර්ශ්වික නායක සමුළුව රටවල් තුනේ සහයෝගිතාව යළි ආරම්භ වීමේ සංකේතයක් බව චීනය පවසයි

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද (27) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී එම ත්‍රෛපාර්ශ්වික නායක සමුළුව පිළිබඳ අදහස් දැක්වුවා ය. චීන-ජපන්- දකුණු කොරියා සහයෝගිතා යාන්ත්‍රණය ස්ථාපිත කර මේ වනවිට වසර 25ක් ගත වී තිබේ. වසර 4කට පසු චීන-ජපන්- දකුණු කොරියා ත්‍රෛපාර්ශ්වික නායක සමුළුව යළි පැවැත්වීම වැදගත් සන්ධිස්ථානයක් බව ඇය එහිදී කියා සිටියා ය.මෙවර සමුළුව මගින් ජපානය හා දකුණු කොරියාව සමග එක්ව උපායමාර්ගික සම්බන්ධීකරණය හා දේශපාලන විශ්වාසය තහවුරු කරමින් නවමු අයුරින් ත්‍රෛපාර්ශ්වික සහයෝගිතාව වඩාත් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව පැවසුවා ය.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම