චීන ජනාධිපතිවරයාට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ චීන භාෂාව ඉගෙන ගන්නා සිසුන්ගෙන් ලිපි පෙළක්
2024-05-27 17:09:52
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ චීන භාෂාව ඉගැන්වීම සඳහා වන "පාසල් සියයේ ව්‍යාපෘතියට" එක් වන ශිෂ්‍ය නියෝජිතයන්ට පිළිතුරු ලිපියක් යොමුකරයි. එම ලි‍පියෙන් සිසු සිසුවියන් වඩා හොඳින් චීන භාෂාව ඉගෙන ගැනීම හා චීනය පිළිබඳ අ‍වබෝධයක් ලබාගැනීම මගින් චීනය හා එක්සත් අරාබි එමිර් රාජ්‍යය අතර මිතුදම ශක්තිමත් වන බවත්, ඒ වෙනුවෙන් කැප වන ලෙස ෂී ජින් පිං මහතා ඔවුන්ව දිරිමත් කර ඇත.

මීට පෙර "පාසල් 100යේ ව්‍යාපෘතියට" එක් වූ ශිෂ්‍ය නියෝජිතයන් 40ක් චීන භාෂාවෙන් ෂී ජින් පිං මහතා වෙත වෙන් වෙන්ව ලිපි යොමු කරමින් චීන සංස්කෘතිය හා දෙරටේ මිතුදම පිළිබඳ ආදරය හා ගෞරවය ප්‍රකාශ කර තිබේ. එක්සත් අරාබි එමිර් රාජ්‍ය‍යට පැමිණීමට සහ පාපන්දු ක්‍රීඩා කිරීමට ෂී ජින් පිං මහතාට ආරාධනා කිරීම ඇතුළු සිසුන්ගේ අපේක්ෂාවන් ද එම ලිපිවලින් ඉදිරිපත් කර ඇත. එමෙන්ම ඔවුන් චීන මහා ප්‍රාකාරය, පැන්ඩා හා චීන සාම්ප්‍රදායික පහන් කූඩු ඇතුළු නිර්මාණ සිතුවම්ට නඟමින් චීනය කෙරෙහි ඇති දැඩි කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපති Mohammedbin Zayed al-Nahyan මහතාගේ නායකත්වයෙන් ආරම්භ කරන ලද චීන භාෂාව ඉගැන්වීමේ " පාසල් 100යේ ව්‍යාපෘතිය" වසර 5ක් ක්‍රියාත්මක කර තිබේ. මේ වනවිට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පාසල් 171ක චීන භාෂා ඉගැන්වීම් ආරම්භ කර ඇති අතර එහි සිසු සිසුවියන් 71 දහසක් චීන භාෂාව ඉගෙන ගනිමින් සිටිති.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම