එකම චීනය මූලධර්මය ස්ථීර ලෙස අනුගමනය කරන බව පකිස්ථානය යළි අවධාරණය කරයි
2024-05-27 09:42:36
Share with:

තම රට, එකම චීනය මූලධර්මය ස්ථීර ලෙස අනුගමනය කරන බව පකිස්ථාන අගමැති Shehbaz Sharif මහතා යළි අවධාරණය කරයි.

අගමැතිවරයා ඊයේ (26) සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් පැවසුවේ, චීනයේ සමීප සහෝදරයෙකු මෙන්ම උපායමාර්ගික හවුල්කරුවෙකු වන පකිස්ථානය, තායිවාන ප්‍රශ්නය කෙරෙහි චීනයේ ස්ථාවරයට අඛණ්ඩව සහාය වන බව යි. තායිවාන ප්‍රදේශය යනු චීනයෙන් වෙන් කළ ‍නොහැකි කොටසක් ලෙස සලකන බවත්, දේශයේ එක්සත්භාවය වෙනුවෙන් චීන රජයේ කැපවීම්වලට සහාය වන බවත් ඔහු සඳහන් කළේය.

පකිස්ථාන ජනාධිපති Asif Ali Zardari මහතා ද පසුගියදා පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ එකම චීනය මූලධර්මය තම ර‍ට ස්ථීරව අනුගමනය කරන බවයි. චීනයේ කේන්ද්‍රීය අවශ්‍යතා තරයේ ආරක්ෂා කරන පකිස්ථානය, ඕනෑම ආකාරයක තායිවාන බෙදුම්වාදී ක්‍රියාවකට එරෙහි වන බව ද ඔහු පැවසීය. තායිවාන ප්‍රදේශය යනු චීනයෙන් වෙන් කළ ‍නොහැකි කොටසක් බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම