චීන අරාබි ස‍හයෝගිතා සංසදයේ 10 වැනි අමාත්‍ය මට්ටමේ සමුළුව චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ලබන 30 වන දා
2024-05-27 20:05:58
Share with:

චීන අරාබි සහයෝගිතා සංසදයේ 10 වැනි අමාත්‍ය මට්ටමේ සමුළුවට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහභාගී වීම පිළිබඳ  චීන උප විදේශ ඇමති Deng Li මහතා අද(27) පැහැදිලි කළේය.

මෙවර සමුළුව ලබන 30 වනදා බෙයිජිංහිදී පැවැත්වෙනු ඇත. ෂී ජින් පිං මහතා එම සමුළුවේ සමාරම්භක උත්සවයට එක් වෙමින් ප්‍රධාන දේශනයක් සිදු කරනු ඇතැයි Deng Li මහතා පැවසීය. නායකයන්ගේ එකඟතාවන් ක්‍රියාවට නැංවීම, චීන අරාබි විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීම, පොදු ඉරණමක් සහිත චීන අරාබි හවුල්කාරිත්වය ගොඩනැගීම කඩිනම් කිරීම පිළිබඳව මෙවර සමුළුවේදී ගැඹුරින් සාකච්ඡා කිරීමට නියමිතය. චීන අරාබි සහයෝගිතා සංසදය ස්ථාපිත වීමෙන් පසු ගෙවුණු වසර 20 තුළ කැපී පෙනෙන ප්‍රතිඵල ලබා ගෙන තිබේ. බොහෝ අරාබි රටවල් හා චීනය අතර සබඳතාව උපායමාර්ගික හවුල්කාරී සබඳතාව දක්වා ඉහළ ගොස් ඇත. අරාබි රටවල් සමග පොදු ඉරණමක් සහිත චීන අරාබි හවුල්කාරිත්වය ගොඩනැගීම ඉලක්කයක් ලෙස සලකමින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග සාමුහිකව සහයෝගිතා පැවැත්වීම හා ස්වෝත්සාහයෙන් සංවර්ධනය කිරීමේ මනා ආදර්ශයක් නිර්මාණය කිරීම චීනය අඛණ්ඩව සිදු කරන බව Deng Li මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම