සුරාබදු දෙපාර්තමේන්තුවට ආදායම් පරිපාලන පද්ධතියක්
2024-05-27 15:15:06
Share with:

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් උපයන දෙපාර්තමේන්තුවක් වුවද, එහි ආදායම් පරිපාලන කාර්යයන් සඳහා දැනට පවතින පැරණි පද්ධතීන් අකාර්යක්ෂම වීම, ඉන් සිදුවන ආදායම් කාන්දු වීමට හා අක්‍රමිකතා වැනි දුර්වලතා ඇති වීමට හේතු වී ඇති තිබේ. එහෙයින් එය මහජනතාවට හා අදාළ වෙනත් පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ද අපහසු වී ඇත.

ඒ අනුව, සියලුම දත්ත හුවමාරුව, අවදානම් කළමනාකරණය හා ආදායම් සැසඳුම යන මූලික කාර්යයන් ඉටු කර ගැනීම සඳහා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී තොරතුරු සන්නිවේදන තාක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම නව ආදායම් පරිපාලන පද්ධතිය හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමිව ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම