චීන-අරාබි රාජ්‍ය සහයෝගීතා සංසදයේ 10 වැනි අමාත්‍ය සමුළුවට චීන ජනපති එක්වීමට සූදානම්
2024-05-26 15:46:18
Share with:

චීනය සහ අරාබි රටවල් දෙකේ එකඟත්වය පරිදි, චීන-අරාබි රාජ්‍ය සහයෝගීතා සංසදයේ 10 වැනි අමාත්‍ය සමුළුව මැයි 30 වැනිදා චීනයේ බෙයිජිං නුවරදී පැවැත්වේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වී ප්‍රධාන දේශනයක් පැවැත්වීමට නියමිතය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා සහ මොරිටේනියානු විදේශ අමාත්‍ය Mohamed Salem Ould Merzoug මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වෙයි. අරාබි රටවල විදේශ අමාත්‍යවරුන් හෝ නියෝජිතයින් සහ අරාබි රාජ්‍ය  සංගමයේ මහලේකම්වරයා මෙම සමුළුවට සහභාගී වනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම