චීන-ජපාන ආර්ථික විද්‍යාඥයන්ගේ සංසදය Tokyo හිදී
2024-05-26 16:54:33
Share with:

චීන-ජපාන ආර්ථික විද්‍යාඥයන්ගේ සංසදය මැයි 24වැනි දා ජපානයේ Tokyo නුවරදී පැවැත්විණ. එහිදී දෙරටේ විද්වතුන් 50කට වැඩි පිරිසක් පොදු අවධානයට ලක් වූ ගැටළු පිළිබඳව සාකච්ඡා කළහ. ජපාන ජාත්‍යන්තර සංසදය, චීන සමාජ විද්‍යා ඇකඩමියේ ජපාන පර්යේෂණායතනය විසින් ඒකාබද්ධ ව සංවිධානය කරනු ලැබීය.

Bo’ao ආසියානු සංසදයේ උප සභාපති Zhou Xiaochuan මහතා එහිදී අවධාරණය කළේ ආසියාව තුළ විවිධ ප්‍රතිලාභ හා මතභේද දක්නට ලැබුණද පොදු ප්‍රතිලාභ හා සහයෝගිතා විභවයන් ද පවතින බවයි.

ජපානයේ Keio විශ්වවිද්‍යාලයේ ගෞරවනීය මහාචාර්ය, ආසියානු ආර්ථික පර්යේෂනායතනයේ ප්‍රධානී Fukunari Kimura මහතා එහිදී පැවසුවේ ඇමරිකාවේ අවහිර හේතුවෙන්, ලෝක වෙළඳ සංවිධානයේ භූමිකාවන් අඩාල වී ඇති බවයි. ආරවුල් විසඳා ගැනීමේ ක්‍රමවේදය ඉන් කැපී පෙනේ. එවැනි භූමිකාව යළි පණගැන්වීම ගෝලීය වෙළඳ පටිපාටිය ආරක්ෂා කිරීමට බෙහෙවින් වැදගත් බව ද හෙතෙම කියා සිටියේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම