හමාස් සමඟ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ඊශ්‍රායලයේ එකඟත්වය
2024-05-26 17:36:28
Share with:

ප්‍රාණ ඇපකරුවන් ගනුදෙනුවක් සම්බන්ධයෙන් හමාස් සටන්කාමීන් සමඟ නව සාකච්ඡා ඇරඹීමට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ඊශ්‍රායල රජයට අයත් Kan TV ඊයේ(25) වාර්තා කළේය.

එම වාර්තාවට අනුව, සිකුරාදා පැරීසියේ පැවති රැස්වීමකදී, ඊශ්‍රායල මොසාඩ් ඔත්තුසේවා ඒජන්සියේ ප්‍රධානී ඩේවිඩ් බාර්නියා, ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද නව යෝජනාවක් එක්සත් ජනපද මධ්‍යම බුද්ධි ඒජන්සියේ අධ්‍යක්ෂ විලියම් බර්න්ස් සහ කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මන් බින් ජසිම් අල් තානි වෙත ඉදිරිපත් කර ඇත.

එම නව යෝජනා යටතේ ලබන සතියේ අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමේ පදනම පිළිබඳව නිලධාරීන් තිදෙනා සාකච්ඡා කළ බව රජයේ නිලධාරියෙක් තහවුරු කර තිබේ.

ඊජිප්තුවේ පැවති ගාසා තීරයේ පෙර සටන් විරාම සාකච්ඡා වටය මේ මස මුලදී බිඳ වැටිණ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම