ඩිජිටල් චීනය ගොඩනැගීම පිළිබඳ 7වැනි සමුළුව සාර්ථකව අවසන් වෙයි
2024-05-26 16:24:50
Share with:

ඩිජිටල් චීනය ගොඩනැගීම පිළිබඳ 7වැනි සමුළුව ප්‍රතිඵල රැසක් අත්කර ගනී.

චීනයේ Fuzhou නගරයේ පැවති එම සමුළුව ඊයේ(25) අවසන් විය. ඩිජිටල් කර්මාන්තය, ඩිජිටල්කරණයේ පරිවර්තනය සහ නව යටිතල පහසුකම් යනාදී ක්ෂේත්‍ර ආවරණය කරන මෙවර සමුළුව, යුවාන් බිලියන 203 ක සම්පූර්ණ ආයෝජනයක් සහිත සමස්ත ඩිජිටල් ආර්ථික ව්‍යාපෘති 421 කට අත්සන් තබා ඇත. එය, ඉහළ මට්ටමේ ඩිජිටල් ආර්ථික කර්මාන්ත දාමයක් නිර්මාණය කිරීමට හිතකර අතර Fujian හි ඩිජිටල් ආර්ථිකය වඩා ශක්තිමත් හා යහපත් බවට පත් කිරීම සඳහා නව ප්‍රබෝධයක් ලබා දී ඇතැයි විශ්වාස කෙරේ. 

චීනයේ ඩිජිටල් ආර්ථිකය 2023 දී ස්ථාවර වර්ධනයක් සාක්ෂාත් කර ගෙන තිබෙන බව මෙම සමුළුවේදී නිකුත් කරන ලද "ඩිජිටල් චීනයේ සංවර්ධන වාර්තාව (2023)" මගින් පෙන්නුම් කෙරිණ. එසේම ඩිජිටල් ආර්ථිකයේ කේන්ද්‍රීය කර්මාන්තවල එකතු කළ අගය, දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% ක් වන බව එහි සඳහන් විය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම