චීන අගමැති සහ දකුණු කොරියානු ජනපති අතර හමුවක්
2024-05-26 18:45:46
Share with:

සෝල් නුවර 9 වැනි චීන-ජපාන-දකුණු කොරියානු නායක හමුවට සමගාමීව චීන අගමැති Li Qiang මහා අද (26) පස්වරුවේ දකුණු කොරියානු ජනාධිපති Yoon Suk-yeol මහතා හමුවිය.

දෙරට අතර මිත්‍රත්වයේ සහ අන්‍යෝන්‍ය විශ්වාසයේ දිශාව ග්‍රහණය කර ගැනීමටත්, එකිනෙකාගේ මූලික අවශ්‍යතා සහ ප්‍රධාන උත්සුකයන්ට ගරු කිරීමටත්, චීන-දකුණු කොරියානු සබඳතාවල යහපත් වර්ධනය ප්‍රවර්ධනය කිරීමටත්, දකුණු කොරියාව චීනය සමඟ එක්ව කටයුතු කරනු ඇතැයි Li Qiang මහතා බලාපොරොත්තු පළ කළේය. චීනය වෙළඳපල ප්‍රවේශය තවදුරටත් පුළුල් කරන බවත් චීනයේ ආයෝජනය කිරීමට සහ ව්‍යාපාර ආරම්භ කිරීමට තවත් දකුණු කොරියානු සමාගම් සාදරයෙන් පිළිගන්නා බවත් Li Qiang මහතා පෙන්වා දුන්නේය. කලාපීය සහ ලෝක සාමය සහ සංවර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සඳහා දකුණු කොරියාව සමඟ බහුපාර්ශ්වික ක්ෂේත්‍රවල සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ඔහු පැවසීය.

දකුණු කොරියාව එකම චීනය මූලධර්මයට අනුගත වන බවත් මෙම ස්ථාවරය වෙනස් වී නොමැති බවත් Yoon Suk-yeol මහතා පැවසීය. අන්‍යෝන්‍ය ගෞරවය මත දෙරටේ පොදු අවශ්‍යතා පුළුල් කිරීමට සහ දකුණු කොරියානු-චීන සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා චීනය සමඟ කටයුතු කිරීමට දකුණු කොරියාව කැමැත්තෙන් සිටින බව ඔහු සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම