චීන ජනපතිගෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ චීන භාෂාව හදාරන සිසුන්ට පිළිතුරු ලිපියක්
2024-05-26 17:01:29
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ චීන භාෂාව ඉගැන්වීම සඳහා " පාසල් 100යේ ව්‍යාපෘතියට" එක් වන ශිෂ්‍ය නියෝජිතයන් දිරිගන්වයි. චීන භාෂාව මැනැවින් හදාරා, චීන-එක්සත් අරාබි එමීර් රාජ්‍ය මිත්‍රත්වය ප්‍රවර්ධනය සඳහා වඩා විශාල කාර්යභාරයක් ඉටු කිරීමට එක් වන ලෙස ඔවුන්ට පිළිතුරු ලිපියක් යොමුකරමින් ජනාධිපතිවරයා කියා සිටී.

මේ වන විට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාසල් 171 ක් චීන භාෂා පාඨමාලා ආරම්භ කර ඇති අතර සිසුහු 71000 ක් චීන භාෂාව ඉගෙන ගනිමින් සිටිති.

පසුගියදා එම ව්‍යාපෘතියට එක් වූ ආදර්ශ පාසල් දෙකක සිසුහූ 40 දෙනෙක් ෂී ජින් පිං මහතා වෙත චීන භාෂාවෙන් ලියන ලද ලිපියක් යොමු කළහ. චීන සංස්කෘතිය කෙරෙහි ඔවුන්ගේ කැමැත්ත සහ ආදරය මෙන්ම චීන-එක්සත් අරාබි එමීර් රාජ්‍ය මිත්‍රත්වයේ දූතයන් වීමට ඔවුන්ගේ ඇති අධිෂ්ඨානය ඔවුහු සිය ලිපියෙන් ප්‍රකාශ කළහ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම