වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේදී වර්ධනය වෙයි
2024-05-25 19:08:57
Share with:

පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රට තුළ ඇති වී තිබෙන ආපදා තත්ත්වයත් සමඟ පුද්ගල මරණ 7 දක්වා ඉහළ ගොස් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එයින් මරණ 6 ක් ගස් කඩාවැටීම හේතුවෙන් සිදුව තිබෙන අතර, අනෙක් මරණය ඩිංගි බෝට්ටුවක් පෙරළී යෑමෙන් සිදුව තිබෙන බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 18ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 171ක පවුල් 11610ක 43799 දෙනෙක් ඊයේ (24) පස්වරු 6.00 වන වි⁣ට බලපෑමට ලක්ව සිටි බවද එම මධ්‍යස්ථානය කියා සිටී.

මේ අතර, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ බොහෝ ප්‍රදේශවල වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි. ඒ පිළිබඳ අවධානයෙන් පසු වන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම