“යුක්රේන අර්බුදයේ දේශපාලන විසඳුම සම්බන්ධයෙන් චීනය සහ බ්‍රසීලය අතර සම්මුතිය”ට එක්වන රටවල් චීනය සාද‍රයෙන් පිළිගනී
2024-05-25 17:06:08
Share with:

“යුක්රේන අර්බුදයේ දේශපාලන විසඳුම සම්බන්ධයෙන් චීනය සහ බ්‍රසීලය අතර සම්මුතිය” පිළිබඳ ඊයේ (24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රශ්නයකට පිළිතුරු දුන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා, එම සම්මුතියට සහය දැක්වීමට සහ එක්වීමට තවත් රටවල් සාදරයෙන් පිළිගන්නා බව පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික සහ එහි විදේශ කටයුතු කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ Wang Yi මහතා සහ බ්‍රසීල ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත Celso Amorim මහතා 23 වැනිදා බෙයිජිං නුවරදී සාකච්ඡා පවත්වා තිබේ. මෙම හමුවේදී, ඔවුන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ගැඹුරු අදහස් හුවමාරු කර ගෙන වැදගත් සම්මුතීන් හයකට එළැඹ ඇති බව Wang Wenbin මහතා පැවසීය. ඒ බව දෙපාර්ශ්වය විසින් ඒකාබද්ධව නිකුත් කරන ලද “යුක්රේන අර්බුදයේ දේශපාලන විසඳුම සම්බන්ධයෙන් චීනය සහ බ්‍රසීලය අතර සම්මුතිය” යන ලියවිල්ලෙන් සම්පූර්ණයෙන්ම පිළිබිඹු වෙයි.

මෙම එකඟතා කරුණු හය චීනයේ සහ බ්‍රසීලයේ පොදු ස්ථාවරය වන අතර, යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුමක් ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ බහුතර සාමාජිකයින්ගේ පොදු සැලකිල්ල සහ අවංක කැමැත්ත ද නියෝජනය කරන බව Wang Wenbin මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම