චීනයේ නව වාණිජ සමාගම් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට
2024-05-25 18:19:39
Share with:

2024 පළමු මාස හතර තුළ අලුතින් පිහිටුවන ලද විදේශ ආයෝජන ව්‍යවසායන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 19.2%න් ඉහළ ගොස් ඇති බව චීන වාණිජ අමාත්‍යංශය ඊයේ(24) පැවසීය.

ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ රට පුරා විදේශ ආයෝජන ව්‍යවසායන් 16,805 ක් ස්ථාපිත කර ඇති බව අමාත්‍යංශය පෙන්වා දෙයි. සැබෑ සෘජු විදේශ ආයෝජන යුවාන් බිලියන 360.2ක් එනම් ඇ.ඩො බිලියන 50.66ක් රට තුළට පැමිණ තිබේ. එය වසරකට පෙර 27.9%කින් පහත වැ‍ටී තිබිණ. පසුගිය වසරේ පැවතුණු ඉහළ මට්ටම හා සැසඳීමේ දී එම පහත වැටීම ඉස්මතු වී ඇති බව අමාත්‍යංශය පවසයි. චීනයේ ආර්ථික ප්‍රබෝධය සහ දිගුකාලීන ධනාත්මක ඉදිරි දැක්මේ මූලික ප්‍රවණතාවය වෙනස් වී නොමැති අතර විදෙස් ආයෝජකයින් සඳහා චීන වෙළඳපොලේ ආකර්ෂණය අඛණ්ඩව ශක්තිමත් වී ඇති බව ද අමාත්‍යංශය කියා සිටී.

අධි තාක්‍ෂණික නිෂ්පාදන යුවාන් බිලියන 45.73ක් ආකර්ෂණය කර ගෙන ඇත.

ස්පාඤ්ඤය, ජර්මනිය සහ නෙදර්ලන්තයේ ආයෝජන පිළිවෙලින් සියයට 263කින්, සියයට 34.7කින් සහ සියයට 9.5කින් ඉහළ ගොස් ඇති බව දත්ත පෙන්වා දෙයි.

මෑතකදී නිකුත් කරන ලද 2024 Kearney සෘජු විදේශ ආයෝජන විශ්වාසනීය දර්ශක වාර්තාව පෙන්නුම් කරන්නේ චීනය හත්වන ස්ථානයේ සිට තුන්වන ස්ථානයට පැමිණ ඇති අතර, නැගී එන වෙළඳපල අතර ප්‍රමුඛ ස්ථානයේ රැදී සිටින බවයි.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම