දෙස් විදෙස් ආයෝජකයන්ට වරාය නගරයේ දොරටු විවෘත වෙයි
2024-05-25 19:10:36
Share with:

ආයෝජනය සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට ආරාධනා කරමින් ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් විශේෂ ආයෝජන අවස්ථා සලසා දීමට කොළඹ වරාය නගරය පියවර ගෙන තිබේ. එය ශ්‍රී ලංකාවේ මීළඟ ගෝලීය ආයෝජන ගමනාන්තය බවට පරිවර්තනය කිරීමට සැලසුම් කර තිබෙන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පවසයි.

කොළඹ වරාය නගරය අනාගත ශ්‍රී ලංකා ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය මෙන්ම ආයතනික සබඳතා සඳහා ලෝක මට්ටමේ මධ්‍යස්ථානයක් බවට පත් කර ගැනීමේ මූලික අරමුණක් පවතී.

කොළඹ වරාය නගරය, ජාත්‍යන්තර ව්‍යාපාර වෙත ආයෝජනය කිරීමට සහ ඔවුන්ගේ මෙහෙයුම් ආරම්භ කිරීමට අවශ්‍ය හිතකර කොන්දේසි සපයා ඇත.

එහි ආයෝජන අවස්ථා පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා www.portcitycolombo.lk වෙබ් අඩෙවිය වෙත පිවිසිය හැකිය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම