චීනය අනෙකුත් රටවලට ආදර්ශයක්- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා
2024-05-25 16:29:08
Share with:

දේශගුණික විපර්යාසයට මුහුණ දීම සහ ඩිජිටල් ආර්ථික සංවර්ධනය යනාදී ක්ෂේත්‍රවල චීනයේ ප්‍රමුඛ භූමිකාව පැසසුමට ලක් කරමින් ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය ක්‍රියාත්මක කිරීමෙන් ලබා ගත් ජයග්‍රහණ තහවුරු කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජිවා මහත්මිය පවසයි.

ඇය මෙම අදහස් පළකළේ පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී ය.

පසුගිය වසර 40 තුළ චීනය විශිෂ්ට ජයග්‍රහණ ලබා ඇති අතර ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය චීන ජනතාවට විශාල ප්‍රතිලාභ ගෙන දී ඇත. වර්තමානයේ චීනය සීඝ්‍ර සංවර්ධනයේ සිට උසස් තත්ත්වයේ සංවර්ධනයක් කරා පරිවර්තනය වෙමින් සිටින බව ඇය පැවසුවාය.

චීනය හරිත ආර්ථිකය සහ ඩිජිටල් ආර්ථිකය සඳහා විශාල වශයෙන් ආයෝජනය කරන බව ක්‍රිස්ටලීනා ජෝජිවා මහත්මිය සඳහන් කළාය. වත්මන් ලෝකයේ ඵලදායීතා වර්ධනය අවම මට්ටමක පවතින අතර එය නැවත ප්‍රවර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව සිතා බැලිය යුතුය. විද්‍යා හා තාක්ෂණය මෙන්ම මානව සම්පත් සඳහා ආයෝජනය කිරීමේ අවශ්‍යතාව පවතී. මේ සම්බන්ධයෙන් චීනයට විශාල වාසියක් ඇතැයි ද ඇය පෙන්වා දී තිබේ.

චීනයේ සංවර්ධනය නව යුගයකට පිවිසෙමින් තිබේ. මෙම යුගයේ දී විවිධ අවස්ථාවන් විශාල පරිමාණයෙන් වැඩි වන අතර චීන ජනතාවගේ ජීවන මට්ටම ද ඉහළ නැංවෙනු ඇතැයි ක්‍රිස්ටලීනා ජෝජිවා මහත්මිය විශ්වාසය පළ කළාය.

චීනයේ සාර්ථකත්වය රැඳී ඇත්තේ සිය රටේ ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් කිරීම නිසා පමණක් නොව, තම සංවර්ධනයේ ප්‍රතිඵල ලොව පුරා සිටින මිනිසුන්ට බෙදා ගැනීමට ඉඩ සැලසීම හේතුවෙන් බව ඇය පැවසුවාය.

චීනයේ සංවර්ධන මාදිලිය සෙසු රටවල් පූර්වාදර්ශයට ගෙන භාවිත කරයි. මීට පෙර වෙනත් රටවල අත්දැකීම්වලින් ඉගෙන ගත් චීනය, අද වන විට අනෙකුත් රටවලට ඉගෙන ගත හැකි ආදර්ශයක් බවට පත්ව තිබෙන බව ක්‍රිස්ටලීනා ජෝජිවා මහත්මිය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම