ඇමරිකා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය දේශසීමා ආරක්ෂාව පිළිබඳ පනත නිෂේධ කරයි
2024-05-24 10:41:44
Share with:

ඇමරිකා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ඊයේ(23) දේශසීමා ආරක්ෂාව පිළිබඳ පනත නිෂේධ කළේය. ඊට පක්ෂව ඡන්ද 43ක් හා විරුද්ධව ඡන්ද 50ක් ලැබිණ. ඇමරිකා සංක්‍රමණ පද්ධතියේ ‍දෝෂ නිවැරදි කිරීම, නීතිවිරෝධි සංක්‍රමණිකයන් වෙත වඩාත් වැඩි සීමා පැනවීම, නීතිවිරෝධි සංක්‍රමණිකයන්ට පහසුකම් සැලසීම සඳහා වඩාත් දැඩි කොන්දේසි සැකසීම එම පනතට ඇතුළත් ය. එමෙන්ම නීතිවිරෝධි සංක්‍රමණිකයන් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ මට්ටමකට පැමිණෙන විට ඇමරිකා ජනාධිපතිවරයාට දේශසීමාව වසා දැමිය හැකි බලතලද ඊට අයත්විය.

මීට පෙර මෙම පනත, ඇමරිකාව යුක්රේනයට හා ඊශ්‍රායලයට සහාය ලබාදීම හා සම්බන්ධ වී තිබේ. එය පසුගිය පෙබරවාරි මස සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විසින් නිෂේධ කරන ලදි.

 

 

 

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම