තායිවාන ප්‍රදේශය ලෝක සෞඛ්‍ය සම්මේලනයට එක්වීමට අවසර නොදෙන බවට චීන රජය ගෙන ඇති තීරණයට ජගත් ප්‍රජාවේ පුළුල් අනුග්‍රහය
2024-05-24 17:57:01
Share with:

තායිවාන ප්‍රදේශය ලෝක සෞඛ්‍ය සම්මේලනයට එක්වීමට අවසර නොදෙන බවට චීන රජය ගෙන ඇති තීරණයට ජගත් ප්‍රජාවේ පුළුල් අනුග්‍රහ හිමි වෙයි. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

එකම චීනය මූලධර්මය ආරක්ෂා කිරීම සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මෙන් ම ලෝක සෞඛ්‍ය සම්මේලනයේ අදාළ තීන්දු තීරණයන් හි බලාධිකාරීත්වය තහවුරු කිරීම හේතුවෙන්, චීන රජය එම තීරණය ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.

77වැනි ලෝක සෞඛ්‍ය සම්මේලනය ලබන 27වැනි දා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. තායිවාන ප්‍රදේශය මෙවර සෞඛ්‍ය සම්මේලනයට එක්වීම පිළිබඳ චීන රජය දරන ස්ථාවරයට අනුබල ලබා දෙන බව රටවල් රැසක් ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම