20 වැනි චීන ජාත්‍යන්තර සංස්කෘතික කර්මාන්ත ප්‍රදර්ශනය Shenzhen නගරයේ දී
2024-05-24 10:43:13
Share with:

20 වැනි චීන Shenzhen ජාත්‍යන්තර සංස්කෘතික කර්මාන්ත ප්‍රදර්ශනය ඇරඹේ. දකුණු චීනයේ Shenzhen නගරයේ දී එය ඊයේ (23) ආරම්භ විය. පස් දින ප්‍රදර්ශනයට රාජ්‍ය කණ්ඩායම්, සංස්කෘතික ආයතන සහ ව්‍යවසායන් 6000 කට අධික සංඛ්‍යාවක් එක්ව සිටී. 

චීනයේ විවිධ පළාත්, ස්වායත්ත, මධ්‍යම රජයේ සෘජු පරිපාලන නගර ඇතුළු පළාත් මට්ටමේ කලාප 31 ක් මෙන්ම චීනයේ හොංකොං , මැකෞ විශේෂ පරිපාලන කලාප සහ තායිවාන ප්‍රදේශය ද එම ප්‍රදර්ශනයට සහභාගි වෙයි. විවිධ රටවල් හා ප්‍රදේශ 60 කින් පැමිණි විදේශ ව්‍යවසායන් 300 ක් ද ඊට එක්ව සිටී. සංස්කෘතික නිෂ්පාදන එක්ලක්ෂ 20000 කට වැඩි සංඛ්‍යාවක් එහිදී ප්‍රදර්ශනය කෙරේ. 

සංස්කෘතික කර්මාන්තයට අදාළ මූල්‍ය හා ආයෝජන ව්‍යාපෘති 4000 ක් පමණ එහිදී  ප්‍රදර්ශනය කෙරෙන අතර එම ව්‍යාපෘතිවල වෙළඳ ගනුදෙනු ද  සිදු කෙරේ.

නව නිෂ්පාදන ඵලදායිතාව මගින් සංස්කෘතික කර්මාන්තයේ සමෘද්ධිමත් සංවර්ධනය පිළිබඳ චීන රජය ක්‍රියාවට නංවන කේන්ද්‍රීය පියවරක් වන මෙම ප්‍රදර්ශනයේ මෙවර ප්‍රධාන තේමා කලාපය වන්නේ සංස්කෘතික නවෝත්පාදන පිළිබඳ ප්‍රදර්ශන කලාපයයි. චීන සාම්ප්‍රදායික සංස්කෘතියේ ප්‍රගමනය හා නවෝත්පාදන සංවර්ධනයේ නව ජයග්‍රහණ එහිදී ප්‍රදර්ශනය කෙරේ.

Shenzhen සංස්කෘතික කර්මාන්ත ප්‍රදර්ශනය 2004 වසරේ නිල වශයෙන් ආරම්භ වීමෙන් පසු, එය චීන සංස්කෘතිය බාහිර ලෝකයට විවෘත කරන වැදගත් වේදිකාවක් බවට පත්ව ඇත. එසේම සංස්කෘතික ක්ෂේත්‍රයේ විවෘතභාවය පුළුල් කිරීමේ දී ද එය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරයි.  

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම