අයහපත් කාලගුණය හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහළට
2024-05-24 14:33:30
Share with:

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව මේ වනවිට 06ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, අකුණු අනතුරු ඇතුළු ආපදා තත්ත්වයන් දිස්ත්‍රික්ක 18 කට බලපා තිබේ.

ඒ අනුව 23 වැනිදා වන විට එම දිස්ත්‍රික්කවල පවුල් 8944 කට අයත් 33960 ක් පීඩාවට පත්ව තිබේ. පවතින අයහපත් කාලගුණ තතත්වය හේතුවෙන් නිවාස 973 කට අර්ධ හානි සිදුව තවත් නිවාස තුනකට පූර්ණ හානි සිදු වී ඇත.

මේ වනවිට ආරක්ෂිත ස්ථාන 3ක පවුල් 74කට අයත් 246 ක් රඳවා තබා ඇතැයිද එම  මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයට සිදුව ඇති අතර එහි පවුල් 4210කට අයත් 17073 ක පිරිසක් පීඩාවට පත්ව සිටිති.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, ඉදිරි පැය 24 තුළ සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම