ඇමරිකාව සාධාරණ තරගයට ගරු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මැලේසියානු අගමැති කියයි
2024-05-24 12:10:38
Share with:

ඇමරිකාව සාධාරණ තරගයට ගරු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව මැලේසියානු අග්‍රාමාත්‍ය Anwar bin Ibrahim මහතා පවසයි. හෙතෙම මේ බව පැවසුවේ ජපානයේ ටෝකියෝ නුවර දී ඊයේ (23)  ආරම්භ වූ 29 වැනි “ආසියාවේ අනාගතය”ජාත්‍යන්තර සංසදයට එක් වූ අවස්ථාවේ දී ය.

චීනය හා ඇමරිකාව සමග අඛණ්ඩව සහයෝගිතා පවත්වා ගෙන යන බව Anwar bin Ibrahim මහතා එහිදී ප්‍රකාශ කළේ ය. ඇමරිකාව පමණ  ඉක්මවා ගතානුගතික නොවී සාධාරණ තරගයට ගරු කරනු ඇතැයි හෙතෙම බලාපොරොත්තු පළ කළේ ය. 

චීනය සමග පවත්නා සම්බන්ධතා පිළිබඳව ද මැලේසියානු අගමැතිවරයා අදහස් දැක්වීය. මැලේසියාවේ ප්‍රමුඛ අසල්වැසි රටක් වන චීනය සමග පවතින සම්බන්ධතා උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් ය. එමෙන් ම චීනය සමග සබඳතා ශක්තිමත් කිරීම ආසියාන් සංවිධානයට වාසිදායක වේ. චීනය ආසියාන් රටවල් ඇතුළු විදේශ වෙළඳපොළවල වැඩි වශයෙන් ආයෝජනය කිරීම දක්නට ලැබෙන බව ද Anwar bin Ibrahim මහතා කියාසිටී. 

චීන රජය හා චීන ජනතාව වෙනස් වන බාහිර පරිසරයට පූර්ණ සූදානමකින් පසුවන බැවින් චීන ආර්ථිකය පිරිහීමට පත් නොවී පෙර සේ සක්‍රිය වෙමින් පවතින බව ද මැලේසියානු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම