එක්සත් චීනය මූලධර්මය නියත වශයෙන්ම ජය ගනු ඇත
2024-05-24 20:47:32
Share with:

තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපස "එකිනෙකාට සම්බන්ධ නොවන" බව තායිවාන ප්‍රදේශයේ "ඊනියා" නායකයා වන Lai Ching-te පසුගිය 20වැනිදා සිදු කළ දේශනයේදී විවෘතව ප්‍රකාශ කළේය. එය චීන මහා ගොඩබිමේ හා තායිවාන දූපතේ මහජන මතයෙන් ඒකමතිකව විවේචනයට ලක් වෙයි. තායිවාන සමුද්‍ර සන්ධි දෙපස එකම චීනයට අයත් වීම යන සත්‍යය ඉතා පැහැදිලිය. Lai Ching-te තම "තායිවානයේ ස්වාධීනත්වය" ප්‍රස්තුතය ඇසුරුම් කිරීමට කුමන වාචාල කතා භාවිත කළත් ඔහුට සත්‍යය විකෘති කළ නොහැක.

නෛතික දෘෂ්ටිකෝණයකින්, “කයිරෝ ප්‍රකාශනය” සහ “පොට්ස්ඩෑම් නිවේදනය” වැනි ජාත්‍යන්තර නීතිමය බලපෑමක් සහිත ලියවිලි මාලාවක් තායිවානය කෙරෙහි චීනයේ ස්වෛරීභාවය පැහැදිලි කර ඇත. බාහිර බලවේගවල මැදිහත්වීම් සහ කඩාකප්පල් කිරීම හේතුවෙන් තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ එක්සත්භාවය තවමත් සැබෑ නොවුවද, චීනයේ ස්වෛරීභාවය හා ‍භෞමික අඛණ්ඩතාව කිසි විටෙකත් බෙදී නොමැති අතර ස්ථිරවම බෙදිය නොහැක.

1971 වසරේ, එක්සත් ජාතීන්ගේ 26වැනි මහා මණ්ඩලය බහුතර වශයෙන් අංක 2758 තීන්දු තීරණය සම්මත කළේය. තායිවාන ප්‍රදේශයෙන් සැදුම්ලත් සමස්ත චීනයට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත අයිතිය හිමිවීමේ ප්‍රශ්නය එමගින් නිරාකරණය කර තිබේ. එතැන් සිට එකම චීනය මූලධර්මය ජගත් ප්‍රජාව තුළ පොදු එකඟතාවක් හා ජාත්‍යන්තර සබඳතාව සඳහා වන ප්‍රධානතම නීති-රීති බවට පත් වී ඇත. මෙම කේන්ද්‍රීය මූලධර්මය මත පදනම් ව මේ වනවිට, රටවල් 183ක් චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිහිටුවා ඇත. මේ දිනවල, රටවල් රැසක ජනාධිපතිවරු හා රාජ්‍ය නායකයෝ එකම චීනය මූලධර්මය තරයේ අනුගමනය කිරීම යළි අවධාරණය කළහ. කවරාකාරයකින් හෝ ‘තායිවානය චීනයෙන් වෙන් කිරීමේ’ක්‍රියාවන්ට හා බාහිර බලවේගයන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට අනිසි බලපෑම් එල්ල කිරීමට විරුද්ධ වන බව ද ඔහුන් ප්‍රකාශ කර තිබේ.

Lai Ching-te වැනි කල්ලි බාහිර බලවේගයන් කෙසේ හෝ සම්බන්ධ කර ගෙන ඇතත් තායිවානය චීනයට අයත් කොටසක් බවට සත්‍යය වෙනස් කළ නොහැකිය. චීනය එක්සත්වීමේ අභිමානවත් ප්‍රවණතාවට එරෙහිව එල්ල වන සියලු බාධා පරාජය  වනු නොඅනුමානය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම